බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ අමෙරිකාවත් සමඟ පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 128ක්.

පිළිතුරු ඉනිම සඳහා 129ක ඉලක්කයක් සඳහා තරග කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 130 ලබාගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

තරගයේ ලකුණු සටහන පහතින්,

Share This