දෙමස්සිනා දබරයෙන් ජීවිතයක් අහිමි වෙයි

දෙමස්සිනා දබරයෙන් ජීවිතයක් අහිමි වෙයි

පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කටුවන අමුදමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ මස්සිනා අතර ඇතිවූ අමනාපයක් මත සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

Share This