ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත් වූ ඕස්ට්‍රේලියාව

ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත් වූ ඕස්ට්‍රේලියාව

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් ලකුණු 21ක ජයක් හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කිරීමට සමත් වුණා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 149ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

ඒ අනුව මෙම තරගය එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී ඇෆ්ගනිස්ථානය විසින් ඕස්ට්‍රේලියාව පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා අතරට එක් වනවා.

Share This