යාපනය කේන්ද්‍රව පැවැත්වූ පළමු ජාත්‍යන්තර බෞද්ධ සමුළුව නාගදීපයේදී
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වා තිබෙනවා.
මෙම උත්සව අවස්ථාව සඳහා කාම්බෝජය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, නවසීලන්තය, කැනඩාවථ තායිලන්තය, පාකිස්ථානය ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් 24ක ගිහි පැවිදි නියෝජිතයින් 300කට ආසන්න පිරිසක් සහභාගීවී තිබෙන බව සඳහන්.
මෙහිදී නාගදීප විහාරස්ථානාධිපති පූජ්‍ය නවදගල පදුම කිත්ති ස්වාමීන් වහන්සේ පවසා ඇත්තේ බුදුන්වහන්සේගේ දෙවන ලංකා ගමනාගමනය සිදු වුණු මෙම පූජනීය පින් බිමේ මෙවැනි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමට හැකිවීම සුවිශේෂි අවස්ථාවක් ලෙස තමන් දකින බවයි.
එමෙන්ම අවුරුදු 30 ක යුද්ධයෙන් පසුව යාපනය කේන්ද්‍රව පවත්වන පළමු ජාත්‍යන්තර සංඝ සමුළුව මෙය බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
උතුරු පළාත විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය කිරීමත් සහ සහජීවනය ඇති කිරීමත් අරමුණු කරගනිමින් මෙම සුවිශේෂී වූ ජාත්‍යන්තර සමුළුව යාපනය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු කල බව සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නා හිමි ප්‍රකාශ කළ බව සඳහන්.
මෙම උත්සව අවස්ථාවට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සමරු මුද්දරයක් එළි දැක්වීමක්ද සිදුකර තිබෙනවා.