පිට පිට ජය ලබන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

පිට පිට ජය ලබන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී චමරි අතපත්තු කඩුලු 4ක් සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3ක් බිඳ හෙළුවා.

අනතුරුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 4ක් තුළ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 137ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළා.

Share This