
තොරතුරු වඩාත් පහසුවෙන් හුවමාරුව සදහා පොලිසිය රාජ්‍ය ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තබයි
මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි අපරාධ විමර්ශනය සඳහා වඩාත් පහසුව සැලසෙන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන විෂය පථයට අදාළ වන සියළුම රාජ්‍ය ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබෙනවා.
මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ විමර්ශන කටයුතු සඳහා අදාළ තොරතුරු රාජ්‍ය ආයතන හා පොලිසිය අතර වඩාත් පහසුවෙන් හුවමාරු කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීමයි.
ආරම්භයක් ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් සමඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවබෝධතා ගිවිසුම් අත්සන් කොට ඇති බව සඳහන්.