සිප්පි කටු ප්‍රවාහනය කළ ලොරිය පොලිස් දැලේ

සිප්පි කටු ප්‍රවාහනය කළ ලොරිය පොලිස් දැලේ

නීති විරෝධිව සිප්පිකටු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා සැකකරුවෙකු තඹුත්තේගම පොලීසිය මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

ත්‍රිකුණාමලයේ සිට හෙට්ටිපොළ දක්වා බලපත්‍ර නොමැතිව ධාවනය කරමින් තිබූ සිප්පු කටු තොගයක් සහිත ලොරි රථයක් තඹුත්තේගම කළාඔය පාලම අසලදීයි පොලිසිය භාරයට ගෙන ඇත්තේ

මෙම ලොරි රථය තුළ සිප්පි කටු කිලෝ 20000 කට ආසන්න ප්‍රමාණයක් පැවති බවත්, එවා සිප්පි කටු සහිත කිලෝ 50 බැගින් උර 401 ක් තුළ අසුරා තිබූ බවත් තඹුත්තේගම පොලීසිය පවසනවා.

සිප්පි කටු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගත යුතු නමුත් මෙම ලොරි රථය බලපත්‍ර ලබා නොගෙන කුකුල් ආහාර රැගෙන යන බව පවසා මෙලෙස නීතී විරෝධිව සිප්පිකටු තොගය ප්‍රවාහනය කරමින් තිබුණා.

අත්අඩංගුවට ගත් සිප්පි කටු තොගය සහිත ලොරි රථය හා සැකකරු අද (25) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

Share This