
විජයදාස රාජපක්ෂ මහතාට එරෙහි වාරණ නියෝගයක් දීර්ඝ කෙරේ.
ශ්‍රී ලංකාව නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අධිකරණය විසින් කල් ලබා දුන්නා.
ඉන් අනතුරුව පැමිණිල්ල ජූලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අධිකරණය එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දිර්ඝ කරන ලෙසයි නියෝග කළේ.