චීනය සඳෙන් ගෙනා පස් කිලෝ 02ක් පර්යේෂණාගාරයකට (VIDEO)

චීනය සඳෙන් ගෙනා පස් කිලෝ 02ක් පර්යේෂණාගාරයකට (VIDEO)

චීනයේ චන්ද්‍ර ගවේෂණ යානය සඳෙහි මෙතෙක් ගවේෂණයක් සිදු නොකළ අඳුරු කලාපයෙන් ලබාගත් පස් සාම්පල සමග ඊයේ(25) නැවත පෘථිවියට පැමිණ තිබෙනවා.

චීනයේ Chang’e-6 යානය මොංගෝලියාවේ ප්‍රදේශයකට පැරෂුට් ආධාරයෙන් පතිත වූ අතර මෙම ගවේෂණය මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පස් සාම්පල මගින් ග්‍රහලෝක සෑදෙන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි බැවින් විද්‍යාඥයන් Chang’e-6 මගින් ගෙනා පස් සාම්පල ගැන දැඩි බලාපොරොත්තුවකින් සිටින බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව චීන විද්‍යාඥයන් විසින් Chang’e-6 රොබෝ ගවේෂණ යානය, සඳේ අඳුරු කලාපයට යවා ගෙන්වා ගත් පස් සාම්පල මේ වනවිට වැඩිදුර පර්යේෂණ සඳහා පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය මීට පෙර ද රොබෝ යානයක් සඳේ අඳුරු කලාපයට යවා ඇති අතර සඳෙන් පස් ගෙන්වා ගැනීමක් ද සිදු කර තිබෙනවා.

නමුත් සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යවා අඳුරු කලාපයේ පස් ගෙන්වා ගත් පළමු අවස්ථාව මෙයයි.

Chang’e-6 රොබෝ ගවේෂණ යානය ගෙනා පස් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This