ඩෙංගු අවදානම තීව්‍ර වෙයි

ඩෙංගු අවදානම තීව්‍ර වෙයි

ඩෙංගු රෝගය පාලනයට මහජන අවධානය වහා යොමුවීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

ගංවතුර තත්ත්වය පහව ගිය පසු සහ වර්ෂාව මධ්‍යයේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය අතිශය තීව්‍ර හා අවදානම් මට්ටමකට වර්ධනය වී ඇති බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි වාර්තා වන්නේ.

දිවයිනෙන් වාර්තාවන සමස්ථ ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඒ අතරින්ද වැඩිම රෝගීන් පිරිසක් කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් වාර්තා වන බව සඳහන්.

මෙම දත්තවලට අනුව ඩෙංගු ව්‍යාප්තිය සුලබ ප්‍රදේශ ලෙස මේ වන විට හදුනා ගෙන ඇත්තේ ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කුරුණෑගල සහ ගාල්ල ආදී ප්‍රදේශ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

සීඝ්‍රයෙන් ඩෙංගු පැතිරීයාම පාලනය කර නොගතහොත් තවත් මාස කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවේ ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ ලකුණු පහළවී ඇති බවයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

Share This