මාන්කුලමේ සිදුවූ මාරක රිය අනතුර
ඒ 09 මාර්ගයේ මාන්කුලම, පනිච්චකුලම් ප්‍රදේශයේදී ආපදාවට ලක්වූ බස් රථයක් අලුත්වැඩියා කරමින් සිටින අවස්ථාවකදී එහි රියදුරු සහ මගීන් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා.
යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ආපදාවකට ලක්ව ඇති අතර එහි අලුත්වැඩියා කටයුතු කරමින් සිටියදී අදාළ පිරිස, බස් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක ගැටී ඇති බව සඳහන්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ බස් රථයේ රියදුරු සහ මගීන් දෙදෙනෙකු මාන්කුලම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ 39 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
අනතුරින් ලොරි රථයේ රියදුරු සහ තවත් මගියෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.