යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටෙයි

යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටෙයි

වැල්ලවාය ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටවෙහෙරගල ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා..

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

Share This