මෙතෙක් වැඩිම අගයකට අලෙවි වූ හැරී පොටර් චිත්‍රය

මෙතෙක් වැඩිම අගයකට අලෙවි වූ හැරී පොටර් චිත්‍රය

මෙතෙක් අලෙවි වූ වටිනාම හැරී පොටර් අංගය බවට හැරී පොටර් දිය සායම් චිත්‍රයක් පත්ව තිබෙනවා.

එක්සත් ජනපදයේ වෙන්දේසියේදී ඩොලර් මිලියන 1.9 කට එම චිත්‍රය අලෙවි වූ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

JK Rowling ගේ Harry Potter and the Philosopher’s Stone හි පළමු සංස්කරණය සඳහා වූ කෘතියේ චිත්‍රය අපේක්ෂිත මිල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලකට අලෙවි වූ බව සඳහන්.

එය ප්‍රථම වරට වෙන්දේසි කර ඇත්තේ 2001 දීයි.

ලංසු තැබීම අවසන් වීමට මිනිත්තු 10 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ගැනුම්කරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This