මහින්ද රාජපක්ෂ චීනයට යයි

මහින්ද රාජපක්ෂ චීනයට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා එරට අග්‍රාමාත්‍ය Li Qiang සහ විදේශ අමාත්‍ය Wang Yi සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බීජිං හි පැවැත්වෙන සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවවලට සහභාගි වන ලෙස අමාත්‍ය Wang Yi සිදුකළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව සඳහන්.

මහින්ද රාජපක්ෂ මහතාගේ අදාළ සංචාරය තුළදී චීන ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙරට සංවර්ධන ක්ෂේත්‍රය සඳහා චීනය විසින් ලබාදෙන සහය මෙන්ම රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම පිළිබඳවද එහිදී අවධානය යොමු වනු ඇති.

සිය චීන සංචාරය අවසන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ජූලි මස පළමුවනදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

Share This