ලොරි රථයක් පෙරළී තිදෙනෙකුට තුවාල

ලොරි රථයක් පෙරළී තිදෙනෙකුට තුවාල

අනුරාධපුර ගලෙන්බිදුණුවැව මාර්ගයේ අස්වයාබැදීවැව කනත්ත ආසන්නයේ ලොරි රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනුරාධපුර දෙස සිට ගලෙන්බිදුණුවැව දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රෝදයක හුලං බැසීම හේතුවෙන් රියදුරුට රථය පාලනය කිරීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවයි ගලෙන්බිදුණුවැව රථවාහන පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවන ලොරි රථයේ තිදෙනකු සිට ඇති අතර රියදුරු ඇතුළු තිදෙනාට තුවාල සිදුව තිබෙනවා.

ලොරි රථයේ පසුපස ගමන්ගත රථයේ සහායකයා තුවාල ලබා ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිදුණුවැව පොලිසිය මගින් සිදු කරනවා.

Share This