
මුහුදේ පාවෙමින් තිබූ බෝතලයේ දියර පානය කිරීමෙන් මියගිය ධීවරයින් ගණන ඉහළට
මත්පැන් බව සිතා මුහුදේ බෝතලයක පාවෙමින් තිබූ දියර වර්ගයක් පානය කළ තවත් ධීවරයෙකු මිය ගොස් ඇති අතර ඒ අනුව මියගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා
ධීවර යාත්‍රාවක සිටි 6 දෙනෙකු එම දියර වර්ගය පානය කර ඇති අතර අනෙක් දෙදෙනා බරපතළ තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව පැවසුවේ එම ධීවරයින් පිරිසට ප්‍රතිකාර කිරීම සහ ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෛද්‍ය කණ්ඩායමක් සමඟ එම මුහුදු ප්‍රදේශයට පිටත් කර ඇති බවයි