20යි 20 ලෝක කුසලානය ඉන්දියාවට

20යි 20 ලෝක කුසලානය ඉන්දියාවට

මෙවර 20යි 20 ලෝක කුසලාන හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ ලකුණු 7කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7දැවී ලකුණු 176ක් ලබා ගත්තා

එහිදී ඉන්දීය කණ්ඩායම ශක්තිමත් කරමින් විරාත් කෝලි පන්දු 59කට මුහුණ දෙමින් ලකුණු 76ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් සමගිනුයි.

අනතුරුව ලකුණු 177ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි

එහිදී හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This