
වැඩබලන නීතිපති පාරින්ද රණසිංහ?
වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනු හෙට (01) අගවිනිසුරුවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දීමට නියමිත බව සඳහන්.
ඔහු හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ. පාරින්ද රණසිංහගේ පුත්‍රයා වනවා.
වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප වුණා.
සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය අද (30) දිනයෙන් අවසන් වීමට නියමිතයි.