අද ඇරඹෙන LPL -සියලු තරඟ මොනරා TV ඔස්සේ නැරඹීමට ඔබට අවස්ථාව-

අද ඇරඹෙන LPL -සියලු තරඟ මොනරා TV ඔස්සේ නැරඹීමට ඔබට අවස්ථාව-

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (01) ආරම්භ වනවා.

එහි සමාරම්භක උළෙල පස්වරුවේදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර රාත්‍රී 7.30ට පැවැත්වෙනවා.

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.

ඔබට අද සිට Dialog ටෙලිවිෂනය ඔස්සේ නැරඹීමට ද අවස්ථාව හිමි වනවා.

Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා.

Share This