
කෙහෙළියගේ පෙත්සමට අද ලැබුණු නියෝගය
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට (02) දිනය තෙක් කල් තබා තිබෙනවා.
අදාළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම සිදුවුණා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතාගේ කරුණු ඉදිරිපත් කිරීම අද දිනයේ අවසන් කර තිබෙනවා.
අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දිනය තෙක් කල් තැබුණා