අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ හයක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටියදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වන පුද්ගලයෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන් විසින් ග්‍රෑන්ඩ්පාස් වත්ත පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ‌ඇති බවද සදහන්.

මෙම පුද්ගලයා විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මහ වත්තේ චාමර නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සහෝදරයකුද වනවා.

Share This