කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට

කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (02) දෙවන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුව පහර දීමටයි.

Galle Marvels කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරඟය තව සුළු මොහොතකින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා

Share This