Colombo Strikers කණ්ඩායමට ජය

Colombo Strikers කණ්ඩායමට ජය

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons කණ්ඩයම සමග පැවති තරගයෙන් Colombo Strikers කණ්ඩායම ලකුණු 51ක ජයක් හිමි කර ගැනීමට සමත් වුණා

තරගයේ කාසියේ වාසිය දිනූ Kandy Falcons කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 198ක් රැස් කළා

එහිදී සදීර සමරවික්‍රම පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 48ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගිනුයි

පන්දු යැවීමේදී කසුන් රාජිත සහ වනිදු හසරංග කඩුලු 02 බැගින් දවා ගත්තා

අනතුරුව ලකුණු 199ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩයමට පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This