සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප සංවර්ධනය කෙරෙයි

සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප සංවර්ධනය කෙරෙයි

හඳුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

නාගරික සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව එක්ව එය ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

වෙරළ පරිසරය රැකෙන අයුරින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පුද්ගලික අංශය හා ඒකාබද්ධව මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බව සඳහන්.

Share This