හරක් කටාට එරෙහි නඩුව කල් යයි

හරක් කටාට එරෙහි නඩුව කල් යයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 29 වනදා පැවැත්වීමට නියම කර තිබෙනවා.

Share This