
දයාසිරි ජයසේකර මහ ලේකම් වශයෙන් පිළිගැනීමට සූදානම් -මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකුල මහලේකම් වශයෙන් දයාසිරි ජයසේකර මහතා පිළිගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
මහනුවර ප්‍රදේශයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා කියා සිටියේ දයාසිරි ජයසේකර මහතාට මෙතෙක් නොතිබූ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ප්‍රධාන ලේකම් ධූරය ස්වාධීන අධිකරණයකින් ලබාදීමෙන් ඒ මහතා පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම් බවට පත්ව තිබෙන බවයි.
මින් ඉදිරියට පක්ෂයේ සියලුම සාමාජිකයන්ට එම තීරණය අනුව කටයුතු කරන්න සිදුවන බවත් සියලු දෙනා ඒ මහතා මහ ලේකම් වශයෙන් පිළිගෙන කටයුතු කරන්න සූදානම් බවද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර සිටියා.