
මත්තල ගුවන්තොටුපළ රුසියානු-ඉන්දියා හවුල් ව්‍යාපාරයකට
අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු-ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත්ම විකිණීමට කටයුතු නොකරන අතර සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීම පමණක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.
නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බව එහිදී පෙන්වාදුන් අමාත්‍යවරයා මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවයි සඳහන් කළේ.