Galle Marvels කණ්ඩායමට ජය

Galle Marvels කණ්ඩායමට ජය

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගය Galle Marvels කණ්ඩායම ලකුණු 07කින් ජය ගැනීමට සමත් වුණා

කාසියේ වාසිය දිනා Colombo Strikers කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179ක් ලබා ගත්තා

එහිදී නිරෝෂන් දික්වැල්ල පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහර 03ක් සහ හතරේ පහර 6ක් සමගින් වේගවත් අර්ධ ශතකයක් ලබා ගත්තා

එමෙන්ම අගනා පිති හරඹයක යෙදෙමින් ඉසුරු උදාන පන්දු 35කට මුහුණ ⁣දෙමින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුණා

ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත්.

පන්දු යැවීමේදී Shadab Khan කඩුලු 4ක් සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 180ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි

එහිදී Dunith Wellalage පන්දු 26 කදී ලකුණු 45ක් ලබා ගත්තේ හයේ පහර 02ක් සහ හතරේ පහර 05ක් සමගිනුයි

ඒ අනුව පන්දු යැවීමේදී Maheesh Theekshana, Sahan Arachchige, ඉසුරු උදන කඩුලු 02ක බැගින් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This