
අකුරණ හෝටලයේ ගින්නෙන් වසා දැමූ A9 මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
අකුරණ නගරයේ ආපනශාලාවක හටගත් ගින්න හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු A9 මාර්ගයේ, එක් මංතීරුවක් යළි විවෘත කර තිබෙනවා
මහනුවර යාපනය A9 මාර්ගයේ අකුරණ නගරයේ හෝටලයක අද (05) උදෑසන හදිසි ගිනි ගැනීමකට ලක්වීම හේතුවෙන් අකුරණ නගරයෙන් A9 මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තා
පොලිසිය සහ ගිනි නවීමේ අංශ එක්ව ගින්න මේ වන විට තරමක් දුරට නිවා දමා ඇති අතර රථවාහන තදබදය අවම කිරීමට අලවතුගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කරමින් ඇති බව සඳහන්