Lyca’s Jaffna Kings සුපිරි ජයක් ලබයි

Lyca’s Jaffna Kings සුපිරි ජයක් ලබයි

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Marvels කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 5ක සුපිරි ජයක් හිමි කර ගැනීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා.

එහිදී Tim Seifert ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් වුණා.

අනතුරුව ජයග්‍රාහී ඉලක්කය හඹා යන Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

 

Share This