
රට තුළ නව ආර්ථික ක්‍රමයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතුයි
රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමින්.
එමෙන්ම, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියා
රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බවත් රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිලිව රටට ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු එහිදී සඳහන් කළා