රට තුළ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක වෙනවා ඊට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි -පාඨලී චම්පික රණවක-

රට තුළ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක වෙනවා ඊට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි -පාඨලී චම්පික රණවක-

බන්ධනාගාර ගත කර සිටින සමගි ජන බලවේගය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා අද (06) දින එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.

එහිදී බන්ධනාගාර ගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඒ මහත්මිය හට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳව කිසිඳු විවේචනයක් නොමැති වුවත් රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බවයි.

 

Share This