
මාතර බිලිඳාගේ මිය යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
කිරි සිරවීම හේතුවෙන් මාතර, කොටවිල නව මාතෘ රෝහල වෙත රැගෙන ආ බිලිඳා එම රෝහලට භාර නොගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
පසුගිය 3 වෙනිදා අළුයම් කාලයේ දී අදාළ බිලිඳා රෝහල වෙත රැගෙන පැමිණ ඇති අතර එම රෝහල තුළ හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවින් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙනයන ලෙසටයි එහි සිටි නිලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත්තේ
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මහ රෝහල් පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් සිදුකරන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ විමර්ශන අංශය විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්
කෙසේ වෙතත් එම රෝහලට භාර නොගැනීම හේතුවෙන් මාතර මහ රෝහල වෙත රැගෙන යන අවස්ථාවේද බිලිඳා මියගොස් ඇති බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ
මේ අතර මෑතකදී විවෘත කරන ලද කොටවිල නව මාතෘ රෝහල තුළ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්න බවයි අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ