Dambulla Sixers කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක්

Dambulla Sixers කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Pathum Nissanka පන්දු 53කට මුහුණ දෙමින් ලකුණු 88ක් රැස් කළා

ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්

Avishka Fernando පන්දු 30කදී ලකුණු 57ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගිනුයි

පන්දු යැවීමේදී Mustafizur Rahman කඩුලු 03ක් දවා ගත්තා

ඒ අනුව Dambulla Sixers කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා හිමිවන ඉලක්කය 219ක්

Share This