Dambulla Sixers කණ්ඩායමට කඩුලු 08 සුපිරි ජයක්

Dambulla Sixers කණ්ඩායමට කඩුලු 08 සුපිරි ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවති 10 වන තරගය කඩුලු 08 කින් ජය ගැනීමට Dambulla Sixers කණ්ඩායම සමත් වුණා

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 දැවී ලකුණු 185ක් ලබා ගත්තා

එහිදී Glenn Phillips හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් සමගින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 52ක්

පන්දු යැවීමේදී Nuwan Pradeep සහ Mohammad Nabi කඩුලු 02 බැගින් දවා ගත්තා

අනතුරුව ලකුණු 186ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් වුණා

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Kusal Perera හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්.

එමෙන්ම, Reeza Hendricks පන්දු 39කට මුහුණ දෙමින් ලකුණු 54ක් රැස් කළා.

ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්

තරගයේ ලකුණු සටහන පහතින්

Share This