ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බව පැහැදිලියි -නීතිපති-

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බව පැහැදිලියි -නීතිපති-

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බවට පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා අදාළ දැනුම්දීම සිදුකළා.

අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

Share This