කොළඹ මහල් නිවැසියන් 50,000කට රන්දොර උරුමය හිමිකම් ඔප්පු

කොළඹ මහල් නිවැසියන් 50,000කට රන්දොර උරුමය හිමිකම් ඔප්පු

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු පිරිනැමීම ලබන 17 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා

ඒ අනුව කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට මුද්දර හා නොතාරිස් ගාස්තු ලෙස රුපියල් මිලියන 515ක මුදලක් ලබා දීමට මහා භාණ්ඩාගාරය එකඟත්වය පළ කර ඇති අතර 2024 අයවැය අනුමත සීමාවට අනුව අදාළ ප්‍රතිපාදන වෙන් කෙරෙන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පැවසුවේ

සමාරම්භක උත්සවයේ දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිදු සෙත්පුර, සිරිසර උයන හා මෙට්‍රෝ නිවාස සංකීර්ණවල නිවාස සංකීර්ණ වල මහල් නිවාස හිමියන් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණ වල නිවැසියන් 1500කට පමණ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතයි.

 

Share This