බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් දැන් නැහැ

බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් දැන් නැහැ

බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් රටට අවශ්‍ය තරම් බිත්තර දේශීය වශයෙන් නිපදවන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා

ඒ අනුව බිත්තර ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ

දැනට රටපුරා වෙළෙද සැල්වල අලෙවි කරනු ලබන්නේ මෙරටේ නිෂ්පාදනය කරන ලද බිත්තර වන අතර දෛනික පාරිභෝජනයට අවශ්‍ය බිත්තර මේ වනවිට කුකුළු නිෂ්පාදනකරුවන් විසින් සපයනු ලබනවා

කෙසේ වෙතත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ සිට බිත්තර සදහා වැට් බද්දක් පැනවීමට රජය කටයුතු කරන බවටත්, මේ නිසා බිත්තර මිල ඉහළ යා හැකි බවටත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයක් යැයි කියා ගන්නා එක්තරා සංගමයක් විසින් මාධ්‍ය මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධව අවදානය යොමු කර ඇති බවයි

එමෙන්ම බිත්තර සඳහා වැට් අය කිරීම ලබන වසරේ සිට නොව මේ වනවිටත් සියයට 18ක බද්දක් අය කරනු ලබන අතර වැට් ප්‍රමාණය කිසිසේත්ම ලබන වසරේ තවදුරටත් ඉහළ දැමීමට සූදානමක් නොමැති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ

මේ අතර දැනට බිත්තර මිල රුපියල් 50 සීමාව දක්වා පවතින්නේ බිත්තර හිඟයක් නිසා නොව බිත්තර සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති නිසා බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ

Share This