යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරනු ලබන Audrey Azoulay ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ මේ මස 16 සිට 19 දක්වා කාලය අතරතුරයි.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ඇය මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්.

මෙම සංචාරයේදී අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද හමුවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරයට සමගාමීව ඇය මෙරට සංචාරය සඳහා ආරාධනා කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

Share This