ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

ඊශ්‍රායලයේ සේවය නිරත ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබෙනවා.

අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් එම ශ්‍රී ලාංකිකයා තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ.

උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස තුවාල ලබා තිබෙනවා.

එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඔහු රෝහල්ගතකර තිබෙනවා.

කෙසේවෙතත් එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ.

ඉරානය විසින් ඊයේ (13) රාත්‍රී කාලයේ දී ඊශ්‍රායලය වෙත ෂෙල් වෙඩි 500කට අධික ප්‍රමාණයක් සහ මිසයිල ප්‍රහාර 500කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා හැර වෙනත් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට අදාළ ප්‍රහාරයන්ගෙන් හානියක් සිදුව නොමැති බැවින් ඔවුන් සියලු දෙනා ආරක්‍ෂිත බවයි තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

Share This