Colombo Strikers කණ්ඩායමට කඩුලු 09ක ජයක්

Colombo Strikers කණ්ඩායමට කඩුලු 09ක ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයේ Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක ජයක් හිමි කර ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා

කාසියේ වාසිය දින ගත් Colombo Strikers ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 109ක් ලබා ගත්තා

එහිදී Lyca’s Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Vijayakanth Viyaskanth නොදැවී ලකුණු 25ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක් එම ලකුණු සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ

පන්දු යැවීමේදී Shadab Khan කඩුලු 04ක් දවා ගත් අතර Binura Fernando කඩුලු 02ක් දවා ගත්තා

ඒ අනුව ලකුණු 110ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 112ක් ලබා ගත්තා

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This