අධිකරණ බලය පවතින්නේ පාර්ලිමේන්තුව තුළයි -ජනපති

අධිකරණ බලය පවතින්නේ පාර්ලිමේන්තුව තුළයි -ජනපති

පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අධිකරණ බලය පවතින්නේ පාර්ලිමේන්තුව තුළ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වාදුන්නා.

එදා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම්, මීට වසර 20කට පෙර මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම්ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදුකර තිබෙනවා.

Share This