
විදුලි ගාස්තු 22.5%කින් අඩුවෙයි
හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ සිදුකළ යුතු දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන අදහස් විමසීමේදී ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහිදී ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු අඩු කෙරෙන බව සඳහන්.
හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙය සිදු කෙරෙන අතර විදුලිබල මණ්ඩලය සිය යෝජනාවෙන් සමස්ත විදුලි ගාස්තු අඩුවීම 10%කට සීමා කර තිබුණද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම 22.5%ක් දක්වා ඉහළ දමා තිබෙනවා.