ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ලබන 19 සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා

ඒ අනුව මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින් 220කට අධික සංඛ්‍යාවක් එක්වනු ඇති බව සඳහන්.

වාර්ෂික සමුළුව ප්‍රධාන රැස්වීම්, වැඩමුළු සහ සැසි මාලාවකින් සමන්විත වන අතර ක්‍රීඩාවේ අනාගතය සඳහාවන ප්‍රධාන තීරණ ද එහිදී ගනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ

Share This