Galle Marvels කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Galle Marvels කණ්ඩායමට කඩුලු 7ක ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහිව පැවති අවසන් වටයේ තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Lyca’s Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Dwaine Pretorius කඩුලු 4ක් දවා ගත්තා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය Galle Marvels කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී Tim Seifert නොදැවී ලකුණු 62ක් සහ ජනිත් ලියනගේ ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව Galle Marvels කණ්ඩායම, LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

Share This