බංග්ලාදේශයට ඇඳිරි නීතිය

බංග්ලාදේශයට ඇඳිරි නීතිය

බංග්ලාදේශයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

එරට නගර රැසක් පුරා ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් අදාළ පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දින ගණනාවක සිට මෙලෙස සිසු විරෝධතා පැවැත්වෙන අතර ඒවා මර්දනයට ආරක්ෂක අංශ ගත් පියවර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසකට තුවාල ලැබීමට සිදු වුණා.

මීට අමතරව එරට පාසල් සහ විශ්වවිද්‍යාලද වසා දැමීමටයි බංග්ලාදේශ බලධාරීන් පියවර ගත්තේ.

කලහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් රජයේ රූපවාහිනී නාලිකාවට ගිනි තබා තිබූ අතර මේ වනවිට එරට සියලු ම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා විකාශය අත්හිටුවා ඇති බවට ද වාර්තා පළවන අතර රටපුරා අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකථන සබඳතාද අවහිර කර ඇති බව සඳහන්.

එමෙන්ම එරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණ සිටින විදේශීය සිසුන් ද යළි සිය රටවල් වෙත පිටත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමේදී ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විරෝධය පළ කරමින් එරට සරසවි සිසුන් මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.

Share This