ලිට්‍රෝ ගෑස් හිඟයක්?

ලිට්‍රෝ ගෑස් හිඟයක්?

ඇතැම් ප්‍රදේශවල සතියක පමණ කාලයක සිට ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බව ගෑස් පාරිභෝගිකයන් පවසනවා.

එම තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් එයට පිළියම් යොදන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි පාරිභෝගිකයින් ප්‍රකාශ කර සිටින්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ ප්‍රවාහන ගැටලුවක් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගෑස් සැපයුමේ ප්‍රශ්නයක් පැවති බවත් මේ වනවිට එම ප්‍රවාහන ගැටලුව විසඳා ඇති බවයි.

එමෙන්ම කිසිඳු ප්‍රදේශයක ඊයේ වන විට ගෑස් හිඟයක් නොමැති බවද එම නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.

Share This