අපරාජිතව ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

අපරාජිතව ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අද තායිලන්තය සමග පැවති තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කරමින්.

එම තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 93ක් ලබා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 94ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 11යි පන්දු 03ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 94ක් ලබමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

Share This