කේරළයේ සිදුවූ නායයාමකින් විශාල පිරිසක් මිය යයි

කේරළයේ සිදුවූ නායයාමකින් විශාල පිරිසක් මිය යයි

අධික වර්ෂාව හේතුවෙන් පැය හතරක් තුළ කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයට නායයෑම් තුනක් ඇතිවී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පිරිසට අමතරව විශාල පිරිසක් සිරවී සිටින බවට සැක පළ කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම කඳුකර ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එරට නියෝජිතයින් කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This