ඔලිම්පික් පදක්කම් සිහිනයට අද තරග වඳින අරුණ

ඔලිම්පික් පදක්කම් සිහිනයට අද තරග වඳින අරුණ

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන අද (04) සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.35ට පමණ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලෝක ශ්‍රේණිගත කිරීම අනුව අරුණ දර්ශන 51 වන ස්ථානයේ පසුවනවා.

ඔහු අද මූලික තරග වටයේ 05වන අදියරෙන් තරග වැදීමට නියමිතයි.

මීටර් 400 ධාවන ඉසව්වේ ඔහුගේ පෞද්ගලික හොඳම කාලය තත්පර 45.30ක් ලෙසයි දැක්වෙන්නේ

Share This